Colombo Today Local News

රාජ්‍ය ඇමතිනී ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කර ඇත්තේ, අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

මන්දකට හසුවී තවත් දිවියෙකු අවසන් ගමන් යයි

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණයක් ඔට්ටු නෑ… ජනාධිපතිවරණයක්නම් හා…

colombotoday

කොටි සාමාජිකයින් ජර්මනියෙන් පිටුවහල් කිරීම ගැන විග්නේශ්වරන් කම්පවෙන්.

colombotoday

සීගිරි ළදුන්ගේ සිරි තෙවන ඇසින් නැරඹීම අද සිට තහනම්

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday