Colombo Today Local News

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ “කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය” වෙත හෙට (03)දින කැඳවා තිබේ.

ඒ, 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටය.

ඔහු ඒ සඳහා හෙට උදෑසන එම ඒකකයට කැඳවා ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අද උදෑසන 9.00ට “කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය” වෙත පැමිණ පැය 9යක ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුනි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ආන්දෝලනයට තුඩු දුන් අතර “කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය” ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගෙන තිබුණි.

Related posts

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

Admin

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

උතුරෙන් හමුදාව ඉවත් කිරීමට තවත් කල් ගත නොහැකි බවට රජය සමග එකඟ වීමු – සමැන්තා පවර්

colombotoday

වතුර බෝතලය බෙදා ගත් පොලිස් නිලධාරියාට සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියට නඩු පැවරේ

colombotoday

හොර වීසා හදපු මධ්‍යස්ථානයක් වටලයි

Admin

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday