Colombo Today Local News

කටුනායක ගුවන්තොටුපල මාස තුනකට වහයි.. සියළු ගුවන් යානා මත්තලට හරවයි !

katunayake airportකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන් ධාවන පථය ලබන වසරේ මුල් භාගයේ මාස 3 ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දැමෙන බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, ලබන වසරේ ජනවාරි 6 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය වසා තැබෙන බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, රාත්‍රී කාලයේදී පමණක් එහි ගුවන් ධාවන කටයුතු සිදුකෙරෙන අතර විකල්පයක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල යොදා ගන්නා ලෙස ගුවන් සේවාවන්ට දැනුම්දී ඇති බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

මේ අතර, පලාලි ගුවන්තොටුපල කලාපීය ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීම සදහා ඉන්දීය ගුවන් සේවා අධිකාරියේ සහායෙන් ශක්‍යතා අධ්‍යයනයක් පැවැත්වූ බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා වැඩිදුරටත් පැවසී ය.

Related posts

වැට් වැඩි කළේ රාජපක්ෂලා නිසයි.. එන අවුරුද්දේ අඩු කරනවා.. එතකොට මට දුප්පතාගේ හිතවතා කියයි

colombotoday

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday

බදුල්ලේ ජල මුලාශ්‍ර සියයට සියයකම අසුචි

colombotoday

අපි කෑලි කෑලි කැපුවත් සිංහලේ – මදුමාධව අරවින්ද

colombotoday

සජිත්ගේ මැතිවරණ කමිටුව මෙන්න. රනිල්,අකිල,කබීර්,හකීම්,රිෂාඩ්, මනෝ, රාජිත, තිගාම්බරම් සහ පාඨලී

colombotoday

Google එකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහයි – රංජන් රාමනායක පවසයි.

colombotoday