Colombo Today Local News

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අදාල අංක තහඩු නවීන මොටර් රථ සදහා සවි කිරීමේ කටයුතු කරමින් සිටින බවට විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36ක සහ 39 ක පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

බොලෙරෝ රථයක්, ලැප්ටෝප් පරිගණක යන්ත්‍රයක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, පෙන් ඩ්‍රයිව් දෙකක්, ව්‍යාජ අංක පුවරු 02ක්, සීල් 01ක්, රාජ්‍ය ලාංඡනය සහිත ස්ටිකර් 153ක් සහ එම් ඕ ඩි ලෙස සඳහන් ස්ටිකර් කාඩ්පත් එකක් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ සැක කරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර තුන් බව ද පොලිසිය සඳහන් කරයි. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ පුදුකුඩුඉරිප්පු කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

Related posts

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

Admin

සීමා නීර්ණ ගැසට් පත්‍රය නිකුත් වෙයි.. කොට්ඨාසවලට අයත් සභික සංඛ්‍යාව, සියළු විස්තර මෙතනින්

colombotoday

ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට වසර 10ක වීසා කාලයක් දීර්ඝ කිරීමේ බලය ආරක්ෂක ඇමැතිට

colombotoday

තෙල් අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලයි

colombotoday