Colombo Today Local NewsUncategorized

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා ඉන්දියාවට ගොස් තිබේ.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනයේදී ඔවුන් එම පුහුණුව ලබනු ඇත.

අදාළ කණ්ඩායම ඉකුත් 03 වනදා ඉන්දියාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

මෙම කණ්ඩායමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 02ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකු ඇතුළත් ය.

ඔවුන් එළබෙන 16 වන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම කණ්ඩායම අදාළ පාඨමාලාව සඳහා එක්වී තිබෙන බව වාර්ථා වේ.

Related posts

මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක

Admin

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

“SITM හොර දොස්තරලාට අනුමැතිය දෙන්න මට බෑ.. වෛද්‍ය සභාවෙන් අස්වෙනවා” මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්.

colombotoday

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday

රට ආරක්ෂා කර ගැනීම සඳහා රටට ආදරය කරන ජන පවුරක් සැකසිය යුතුයි – ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ

colombotoday