Covid 19

20 හැවිරිදි තරුණියක් කොවිඩ් ආසදිතව මියයයි

මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කිරීමත් සමගය.

ඒ අනුව, කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 417ක් වේ.

දෙමටගොඩ, බොරැල්ල, මීගොඩ, රීදිමාලියද්ද, දෙකටන, මරදාන, කෙසෙල්වත්ත සහ වත්තල යන ප්‍රදේශවලින් ඊයේ දිනයේ කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අතර තිදෙනෙකු කාන්තාවන් වන අතර සෙසු අය පිරිමි පුද්ගලයින් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම පුද්ගලයින් අතර 20 හැවිරිදි තරුණියක් ද සිටින අතර සෙසු පුද්ගලයින් වයස අවුරුදු 67, 58, 43, 52, 86, 74 සහ 81 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව වාර්තා වේ.

කොවිඩ් තත්ත්වයත් සමග ඇති වූ උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම රෝගී තත්ත්වය සහ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Related posts

දෛනික කොවිඩ් ආසාදිතයන් 750 පනී

colombotoday

වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58ක්

colombotoday

මෙරට සිදුවූ 42 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වීමෙන් මියයයි

colombotoday

මුජිබර් රහුමාන් ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday