Colombo Today Local News

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනා නෙරපා හැරීමට සහ විනය පරීක්ෂණ පැවැත්වීමට අනුමැතිය ලබා දෙන බව ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් සමගි ජන බලවේගයට දැනුම් දී ඇත.

රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුර්දීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නායකත්වය දරන දේශපාලන පක්ෂ තුනකට මෙම මන්ත්‍රීවරු අයත්ය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ගත් තීන්දුවට පටහැනිව යමින් මෙම මන්ත්‍රීවරුන් අට දෙනා ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව දෙසතියක් තුළ පක්ෂය දැනුවත් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුම් දී තිබිණි.

ඒ අනුව මන්ත්‍රීවරුන් අට දෙනා නෙරපා හැරීමට තමන් කැමැති බව පක්ෂ නායකයන් සමගි ජන බලවේගයේ නායකත්වයට දැනුම් දී ඇත. එම මන්ත්‍රීවරුන්ට එරෙහිව පළමුව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද ඉන් පසු නිදහසට කරුණු විමසීමටද පක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත. විනය පරීක්ෂණ අවසන් වූ පසු පක්ෂයෙන් නෙරපා හැර මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට සමගි ජන බලවේගය සැලසුම් කර තිබේ.

විසි වැනි ව්‍යවස්ථාවට ඡන්දය විමසීමේදී ද්විත්ව පුරවැසිභාවයට පක්ෂව ඡන්දය දුන් මොහොමඩ් මුෂාරෆ් මන්ත්‍රීවරයා හැර සමගි ජන බලවේගයෙන් නෙරපන ලද මන්ත්‍රීවරුන් අට දෙනාට සභා ගැබෙහි වෙනම ආසන පැනවීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් හෙට (09)දින කථානායක මහින්ද යාපා අබේවර්ධන සමග සාකච්ඡා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේය.

මොහොමඩ් මුෂාරෆ් මන්ත්‍රීවරයාද සමග තම මන්ත්‍රීවරුන් නව දෙනකුට වෙනම ආසන පනවන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා ඇතත් මුෂාරෆ් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තරග කර තිබෙන්නේ රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් බැවින් ඔහු පිළිබඳ තීරණ ගැනීමට සජබට හැකිද යන්න ගැටලුවක් බවද හෙතෙම කීය.

එම නිසා සජබ මන්ත්‍රීවරුන් අට දෙනාට සභා ගැබෙහි විපක්ෂය පැත්තේ කිනම් කොටසකින් ආසන පනවන්නේද යන්න තීරණය කළ යුතුව ඇතැයිද හෙතෙම කීවේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් නව දෙනා තම කණ්ඩායමෙන් ඉවත් කළ බවද ඔවුන්ට සභා ගැබෙහි විපක්ෂය පැත්තේ වෙනම ආසන වෙන් කරන ලෙසටද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරි ඇල්ල පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

Related posts

ලක්‍ෂ 30ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් සොයයි

Admin

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

colombotoday

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

Admin

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday

කෝටි ගණනක ගජමුතු සමග අටක් අත්අඩංගුවේ

colombotoday

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමේ යෝජනාවට අනුමැතිය

colombotoday