Colombo Today Local NewsUncategorized

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා අද (24) දිනයේදී විශේෂ පෙත්සම් 6 ක් ගොනු කර තිබෙනවා.ඒ අනුව මේ වන විට පෙත්සම් 12ක් ගොනු කර ඇත.

අද දින එස්.එස්.සි. ඉලංකෝවන්, ෂරීන් අබ්දුල් සරූර්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, සමගි තරුණ බලවේගය සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන රසික ජයකොඩි සහ ලිහිණි ප්‍රනාන්දු යන අය අද දිනයේ පෙත්සම් ගොනු කරන ලදී.

එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත.

Related posts

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

colombotoday

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday