Colombo Today Local News

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් නවයේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබදව තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව අද ප්‍රකාශ කර ඇත.

මේ පිළිබදව ලිඛිත දේශන ඇතොත් ලබන (24) බදාදා සහ (25) බ්‍රහස්පතින්දා යන දිනයන්හි ගොනු කරන ලෙසට පෙත්සම්කරුවන්ට දැනුම් දී තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද (23)දින සැලකිල්ලට ගැණීනි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 09 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23)දින විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි නිතිපති ජනාධිපති නිතීඥ සංජය රාජරත්නම් මහතා ප්‍රකාශ කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි වගන්තීන් මගින් ජනාධිපතිවරයාගේ බලතලවල ඛාදනය වීමක් සිදු නොවන බවත්, මෙමගින් සිදුවන්නේ ජනාධිපතිවරයාගේ බලය සීමාවක් වීම පමණක් බවත්ය.

Related posts

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday

මන්ත්‍රී ධුරයෙන් වහාම ඉවත් වන්නැයි චම්පික රතන හිමිට කියයි

colombotoday

රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

colombotoday

මධූෂ් සමග ඇල්ලූ තවත් හයක් මෙරටට පිටුවහල් කෙරේ…

colombotoday