Colombo Today Local News

“කීවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙනව කියල.. සරසවි සිසුන්ගේ අඩු කඩනවා. ඒ මදිවට හිරෙත් දානව” – ගුරු සංගමය

ctu33

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව පොරොන්දු දී ඊට සීමා පනවන බව ලංකා ගුරු සංගමය පවසයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කලක පටන් අරගල කරන බවත්, ප්‍රජාතන්තවාදී වටපිටාවක නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හා විරෝධතා පැවැත්වීමට ඇති අයිතිය හකුළවමින් ආණ්ඩුව පොලීසිය හරහා අධිකරණ නියෝග ගනිමින් උද්ඝෝෂණ නැවැත්වීමට නීතිමය රාමුවක් හදාගෙන ඇති බවත් එහි ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

ඔහු මේ බව පැවසුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සාමාජික කෞෂල්‍ය සමින්ද බණ්ඩාර කීවේ පසුගිය රජය උද්ඝෝෂණ මර්දනය කරද්දී ඊට එරෙහිව කතා කළ එජාපය දැන් ආණ්ඩු බලයේ සිටිමින් කලින් ආණ්ඩු කළ දේම කිරීමට උත්සාහ දරන බවයි.

Related posts

කුවේටයෙන් පැමිණි විශාල ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වෙයි. කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් ගමන අවලංගු කරයි.

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..

colombotoday

වතු කම්කරුවන්ට පොරොන්දු වූ රු 1000ක දෛනික වැටුප ගෙවන්න.

colombotoday

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

colombotoday

අධ්‍යාපනය නංවන්න ඇමති අකිලගෙන් තවත් සුපිරි වැඩක්.. අම්මලාගේ පීඩනය අඩු කරන්න සාරියේ බර හෑල්ලු කරන්න තීරණයක් ගනී

colombotoday

2021 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹෙයි

colombotoday