Colombo Today Local News

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

wilcott 33

සිවිල් වැසියන් එක්ලක්ෂ පනස්දහසක් මිය යෑමට තුඩුදුන් ඉරාක ආක්‍රමණයට බ්‍රිතාන්‍ය එළැඹුණේ වැරද සහගත තොරතුරු මත දනම්ව යැයි, එරට මුල්පෙළේ පරීක්ෂණ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබෙනවා.

2003 සිදුවූ ඉරාක යුද්ධය පිළිබද වචන එක්ලක්ෂ විසිහයදහසකින් සමන්විත මෙම වාර්තාව සකස් කළේ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් සිවිල් සේවකයෙකු යැයි සැළකෙන ශ්‍රීමත් ජෝන් විල්කොට් විසිනි. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ගෙන්, බ්‍රිතාන්‍යයට තර්ජණයක් නොතිබුණු අතර, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් එවැනි තර්ජණයක් මවා පා ඉරාක යුද්ධයට බ්‍රිතාන්‍ය මැදිහත්වීම සාධාරණීකරණය කර ඇති බව එම වාර්තාව අනාවරණය කර තිබේ.

විල්කොට් වාර්තාව නිකුත් වීමත් සමග බ්‍රිතාන්‍ය පුරා ටෝනි බ්ලෙයාර්ට එරෙහිව අදහස් පළවී ඇති අතර ඉරාක යුද්ධයේදී මියගිය සෙබළෙකුගේ සහෝදරියක් ප්‍රකාශ කර ඇත්තේ අගමැති ටෝනි බ්ලෙයාර් ත්‍රස්තවාදියෙකු බවයි.

කොටි ඩයස්පොරාවේ ඒකපාර්ශවීය සාක්ෂි කිහිපයක් මත පදනම්ව ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කළායැයි චෝදනා කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව එළිදක්වා ඇති ‘විල්කොට්’ වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. ත්‍රස්ථවාදය පරාජය කළ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව අවි අමොරාගෙන සිටින ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ද විල්කොට් වාර්තාව සම්බන්ධයෙන් මුනිවත රකී.

ත්‍රස්තවාදය හා සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම සහ බටහිර රටවල්වල දෙබිඩි පිළිවෙත නැවත වරක් ලෝකය ඉදිරියේ හෙළිදරව් වී තිබේ.

Related posts

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

colombotoday

තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

Admin

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

colombotoday

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

colombotoday

අත්අඩංගුවට ගත් කුරුණෑගල ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් තිදෙනෙක් සිරමැදිරියේදී පොලිසියෙන් කුඩු ඉල්ලලා

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin