Colombo Today Local NewsTop Stories

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

ද නේෂන් පුවත්පතේ සම කර්තෘවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන නොමැති නම් අවශ්‍ය ප්‍රකාශ ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (02 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

එම පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාට බැවින් ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බව විත්තියේ නීතිඥවරු ඊයේ (02 වැනිදා) අධිකරණයට පෙන්වා දුන්හ.

විත්තියේ නීතිඥවරුන්ගේ එම කරුණු දැක්‌වීමට පිළිතුරු දුන් විමර්ශන නිලධාරීහු සරත් ෆොන්සේකා මහතාගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදුකර ඇති බව අධිකරණයට පෙන්වා දුන්හ.

ප්‍රකාශ සටහන් කිරීම ප්‍රමාණවත් නොවන බැවින් ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන ලෙසට නියෝගයක්‌ කරන්නැයි විත්තියේ නීතිඥවරු එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව එම නියෝගය නිකුත් කළ මහෙස්‌ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.

එම නඩුවේ සැකකරුවකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 16 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය

Related posts

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

colombotoday

ත්‍රිකුණාමලයේ වැඩිම මනාපය සමගි ජන බලවේගයේ තවුෆීක්ට

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්

Admin

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ උපකාරක පන්ති ගුරාට වැඩ වරදී

Admin

විරෝධතාවයේ යෙදුණු 52ක් අත්අඩංගුවට

colombotoday