Colombo Today Local News

බදුර්දීන් යහපාලන සෙවණේ රැකවරණ ලබද්දී කැලෑ පාලුවෝ අල්ලන්න ජනපති ත්‍රිවිධ හමුදාව යොදවයි

brdf66

වනාන්තර විනාශ කරන්නේදැයි පරීක්ෂා කිරීම සහ ස්වාභාවික සම්පත් මඟින් සිදුකරන ජාවාරම් මැඩලීම ඇතුළු පරිසරය ආරක්ෂා කර ගැනීමේ කටයුතු සඳහා ආණ්ඩුව පළමුවරට ත‍්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (28) බත්තරමුල්ලේදී පැවති ප‍්‍රාදේශිය පරිසර නිලධාරින්ගේ සංගමයේ 17 වැනි මහ සමුළුව අමතමිනි.

පරිසරය රැකීම සම්බන්ධ තනතුරු දරන නිලධාරින්ට උසස්වීම් දීමේදී ඔවුන් පරිසරය විනාශ කරන්නන්ට විරුද්ධ ව කොපමණ නඩු ප‍්‍රමාණයක් පවරා තිබේ දැයි පරික්ෂා කර බැලිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. පරිසරය රකින නිලධාරින් වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ජනාධිපතිවරයා කී ය.

කැලෑ පාළුවන්ට බැට දෙනවානම් පටන්ගත යුත්තේ ආණ්ඩුවේ අභ්‍යන්තරයෙනි. විල්පත්තු මහා වනය දෙපළු කළ මහා කැලෑ පාළුවා, රිෂාඩ් බදුර්දීන් ඉන්නේ ආණ්ඩුවේමය. ආණ්ඩුවේ කැබිනට්ටුවේද ප්‍රබල ඇමතිකමක් දරමින් ඔහු තවමත් නිරුපද්‍රිතව වනසංහාරයේ යෙදෙත්දී වනපාලුවන් මඩින්නට ත්‍රිවිධ හමුදාව කැදවනවායැයි ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා පුරසාරම් දෙඩීමෙන් පලක් වෙයිද?

Related posts

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday

ලංකාවේ මුද්‍රණ කඩදාසි හිඟයක්.. බහාලුම් මිලත් ඉහළට

colombotoday

SAITM වහන්න GMOA සමග ජවිපෙ එක්වෙයි !!

colombotoday

අමෙරිකානු තානාපති, යාපනේදී වියානා සම්මුතිය අමු අමුවේ කඩයි.. බලධාරීන් නෑසූ කන්ව සිටී !

colombotoday

බලංගොඩදී අමානුෂික ලෙස අපයෝජනයට ලක් වූ දැරිය මියයි

colombotoday

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අගහරුවාදා… ශ්‍රීලනිපයේ 5කුත් එයි…

colombotoday