Colombo Today Local News

කාන්තාවක් අඩි 45ක වලකට වැටෙයි

කාන්තාවක් අඩි 45කට ආසන්න ගැඹුරකින් යුත් වළකට වැටී ඇති සිද්ධියක් අම්පේගම ප්‍රදේශයෙන් වාර්තා විය.

අද (19) පෙරවරුවේ බද්දේගම පොලීසියට ලද තොරතුරක සඳහන් වී තිබුණේ අම්පේගම මිරිස්වත්ත කොටිය කන්ද ප්‍රදේශයේ ඇති අඩි 45කට ආසන්න ගැඹුරකින් යුත් වළකට කාන්තාවක් වැටී ඇති බවය.

එම ප්‍රදේශයේ ජනතාවට ඇසී තිබූ කෙඳිරිලි හඬක් හේතුවෙන් සැකසිතී පොලීසිය දැනුවත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව එම වළ තුළ සිරවී සිටි 50 හැවිරිදි කාන්තාව බේරාගෙන තිබුණි.

වැඩිදුරටත් වාර්තා වූයේ එම වළ මිනිරන් ලබාගැනීම සඳහා හාරන ලද පැරණි වළක් බවය.

එම කාන්තාව බේරාගන්නා අවස්ථාවේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බව පොලීසිය පවසයි.

ඒ අනුව ඇයව ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

එම කාන්තාව ඊයේ මෙම වළට වැටෙන්නට ඇති බවට සැකකෙරෙන අතර ඇයගෙන් මේ වනතෙක් ප්‍රකාශයක් ගැනීමට හැකිවී නොමැති බව වාර්තා වෙයි.

Related posts

සියළුම මන්ත්‍රීන්ට ලක්ෂයක කාර්යාල දීමනාවක්.. පරිපූරකය පාර්ලිමේන්තුවට !

colombotoday

නීතිඥ සංගමයේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

colombotoday

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

Admin

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් ජීවිතක්ෂයට

colombotoday