රිමාන්ඩ් භාරයේ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ සුව දුක් විමසීම සදහා පූජ්‍ය ගලගොඩැත්තේ ඥාණසාර හිමි ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණවීර, කණක හේරත් යන මන්ත්‍රීවරුන් මෙලෙස උදය ගම්මන්පිල මහතාගේ සුවදුක් විමසීම සදහා එහි ගොස් සිටියහ.
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාළව අත්අඩංගුවට ගත් උදය ගම්මන්පිල මහතා ලබන මස පළමුවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.