Colombo Today Local News

යාපනයේදී කේරළ ගංජා කිලෝ 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලයි

යාපනය, පුනරීන් – පල්ලිකුඩා මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රැම් 185ක් පාර්සල් 86ක අසුරා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) භාරයට ගෙන තිබේ.

කේරළ ගංජා තොගය ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබියදී, එලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

මේ අතර, පෑලියගොඩ වනවාසල ප්‍රදේශයේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 35 යි මිලි ග්‍රැම් 300 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

39 හැවිරිදි සැකකාරිය වනවාසල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 320ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, 22 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර මිරිහාන, උඩහමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී ද, හෙරොයින් ග්‍රැම් 03යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

30 හැවිරිදි සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

මහරගම, වැලිගම පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

colombotoday

Photos: “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය එළි දකී

colombotoday

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday

හාල් කිලෝවක් රුපියල් 300කට යා හැකි

colombotoday

සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප යැව්වාට දඩය රුපියල් පන්දාහයි!

Admin

සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් සජබ මන්ත්‍රී කාවිංගට විරෝධයක්

Admin