Colombo Today Local News

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 5ක සංචරණ සීමා ලිහිල් කිරීමටත්, අනික් ග්‍රාම නිලධාරි වසම් 3තුන තුල දැඩි සංචරණ සීමා පැනවීමටත් අද (18)දින පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව තීරණය කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.

එමෙන්ම වැලිගම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක් සදහා පනවා තිබු සංචරණ සීමා ලිහිල් කිරීමට තීන්දු කළ බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස් මත ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව මගින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

ඒ අනුව තලාපිටිය, කටුගොඩ හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරි වසම් සදහා තවදුරටත් දැඩි සංචරණ සීමා පැනවීමටත්, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දේද්දුගොඩ දකුණ, මකුළුව කොන්ගහ යන ග්‍රාම නිලධාරි වසම් සදහා සංචරණ සීමා ලිහිල් කිරීමට එහිදී තීරණය කර තිබේ.

කොවිඩ් කමිටුව ලබුදුව දක්ෂිණපායේ දි පැවැත්විණි.

Related posts

හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 293ක් දිවයිනට

colombotoday

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

colombotoday

“සුදු වෑන් ගෝඨාභයට ලියල දීල නෑ.. අපි ළගත් තියනව සුදු වෑන්“ – ෆොන්සේකා

colombotoday

ව්‍යවස්ථාව කඩ කළොත් කථා නායකට වැඩ වරදී.. වරප්‍රසාද පනත යටතේ සිර දඩුවම්…

colombotoday

ෆොන්සේකාට තවත් තෑගි.. එජාප කැලණිය ආසන සංවිධායකකම බාර දෙයි

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday