Colombo Today Local News

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

පුනරුත්තාපනය වී නිදහස ලබා ඇති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට අවශ්‍යනම් විදෙස්ගත වීමටද පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය කටයුතු යොදා ඇති බව වන්නි පුනරුත්තාපන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් මහතා පවසයි..

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු නිදහස් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී පුනරුත්තාපනය වී නිදහස ලැබූ සාමාජික පවුල් වෙතට ස්වයං රැකියා සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණද මහන මැෂින් ප්‍රධානයක්ද සිදු කෙරිණි.

12,000 කට අධික පිරිසක් මේ වන විටත් පුනරුත්තාපනය කොට සමාජගත කොට ඇති අතර මේ වන විට එම පිරිස් වෙතට කෘෂිකාර්මික, පෙදරේරු ඇතුරු විවිධ සවයං රැකියා අවස්ථාද රාජ්‍ය හා රාජ්‍ය නොවන රැකියා අවස්ථාද ලබා දී ඇති බවට කර්නල් හැමිඩොන් මහතා උත්සව අවස්ථාවට සහභාගී වෙමින් කියා සිටියේය.

Related posts

ශ්‍රීලනිප – එජාප කපුකමට රන්ජන් ජනපති හමුවෙයි.. “රනිල් බෑ“ ජනපති කියයි !!

colombotoday

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

colombotoday

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

Admin

සමයං ඝාතනයේ මොළකරු මධුෂ් අත්අඩංගුවට

colombotoday

අක්‍රියව වූ නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට යළි පද්ධතියට..

Admin

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද? මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද?- ප්‍රසන්න රණවීර අසයි

colombotoday