Colombo Today Local News

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන මැයි 10වනදා දක්වා කල් දැමීමට අධිකරණය අද(06)දින නියෝග කර තිබේ.

විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් නියෝගයද එදින නිකුත් කරනු ඇති.

අභ්‍යන්තර වෙළඳ කටයුතු හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස සේවකයන් පිරිසක් නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.

සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදීන් නඩුවට අදාළ සෙසු පිරිස වේ.

Related posts

ටෙන්ඩ‍ර් ප්‍රශ්නයක් නිසා ඉදිරියට ගෑස් ගැටළුවක්?

Admin

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday

විදුලි කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගලට හසු වෙලා.. මහජන උපයෝගිතා කොමිසම අනුමත කල ගිවිසුම රටට හෙලි කරන්න.

colombotoday

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

2024 අයවැය නොවැම්බර් 13 වනදා මැතිසබයට

Admin