ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක රාජකීය පණ්ඩිත බෝපිටියේ ඥානාවාස නාහිමියන් අපවත් විය.
ඒ , අවුරුදු 91 ක් ආයු වළඳමින් ය.
මතුගම, බෝපිටිය ඉන්ද්රාසභා පිරිවෙන් විහාරස්ථානයේදී 1946 වසරේදී පැවිදි දිවියට එළැඹි උන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ඇතුළු තනතුරු රැසක් හෙබවූ විශිෂ්ඨ ධර්ම කථික මහ තෙර නමකි.
උන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා මතුගම මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.