Colombo Today Local News

සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කිරීම් දිගටම

සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කරඇති ප්‍රදේශවල හුදකලා තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මෙම සති අන්තයේදී ද සියලු ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවය.

“හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට අනුගතව කටයුතු කර තිබෙනවා. නමුත් සුළු පිරිසක් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු නියෝග යම් ආකාරයකට පැහැර හැරීමක් සිදුකර තිබෙනවා. එවැනි ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් ඒ ප්‍රදේශ තවත් බොහෝ කාලයක් හුදකලා කර තැබීමට සිදුවෙනවා. ඔබේ ප්‍රදේශය ඉක්මණින්ම හුදකලා තත්ත්වයෙන් ඉවත් කරගැනීමට අවශ්‍ය නම් නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න,” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර මුඛ ආවරණ නොපැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ පුද්ගලයින් 37 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන මැතිවරණය කළා. දයාසිරි පිළිගනියි

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

colombotoday

විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක මිලියන 96ක් අතුරුදන්.

colombotoday

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday