Colombo Today Local News

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරූ අයෙක් කල්කුඩා වෙරළේදී අත්අඩංගුවට

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සමරමින් මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ සැමරුම් උත්සවයක නිරත වෙමින් සිටි පුද්ගලයකු අද (18)දින පෙරවරුවේ කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අද පෙරවරුවේ කල්කුඩා වෙරළ තීරයේ තවත් පුද්ගලයන් 8 දෙනකු සමඟ එක්ව මුහුදට මල් දමා වෙරළ තීරයේ පහන් දල්වමින් සිටියදී කල්කුඩා පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සියලු දෙනා ම කළු පැහැති ඇඳුම් ඇඳගෙන සිටි බවද පොලිසිය කියයි .

මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරුම් උත්සව කිහිපයක් මඩකලපුව කොට්ටාශයේ සිදුකිරීමට සිදු කිරීමට නියමිත බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එය වළක්වමින් පුද්ගලයන් 28 දෙනකුට අධිකරණ නියෝග ලබාගෙන තිබිණි.

අත්අඩංගුව ගත් එම සැකකරු ද අධිකරණයෙන් තහනම් නියෝග ලැබ සිටි පුද්ගලයකු බව ද පොලීසිය පවසයි . මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සැකකරු දැනුවත් කර ඔහුගේ නිවසේ ද එම නියෝගය අලවා තිබියදී සැකකරු ඒ බව නොතකා මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇති බවද පොලිසිය කියයි.

මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබිණි

Related posts

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම: ජාතිවාදී පසුබිමක් නැහැ !

colombotoday

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

Admin

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

මිනිස් ජාවාරම විමර්ශනයට විදෙස් ගත වූ කණ්ඩායම දිවයිනට..

Admin

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday