Colombo Today Local News

අවසානයේ රටම ලොක් ඩවුන් කරන්න සිද්ධවෙයි – වෛද්‍ය හරිත අලුත්ගේ

ජනතාව නිසි ලෙස කටයුතු සිදු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට යාමට සිදු වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පල කළා.

“මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වෙලා තියෙන්නේ කොළඹ මහ නගර සභා සීමාව ඇතුලේ. ඒ නිසා මේ ජනාකීර්ණ ප්‍රදේශ වල මරණ සිදුවෙන්න වැඩි ඉඩකඩක් නිර්මාණය වෙලා තියනවා.

ජන ගණත්වය වැඩියෙන් තියන ගම් වල බණ්ඩාරගම, බුලත්සිංහල සමහර ගම්මාන, මොනරාගල අළුපත, මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ තියනවා. මේ ප්‍රදේශ හරහා මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවධානමක් තියනවා.

ඔක්තෝම්බර් මුල සතියෙන් පටන් ගත්ත අලුත් රැල්ල මේ වෙන කොට 31.000 සීමාව පසුකරලා තියනවා.

අන්තිමේදී රටම ලොක්ඩවුන් කරන මට්ටමට යන්න වෙයි ජනතාව හරියට හැසිරුණේ නැත්නම්”

Related posts

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

ජම්බෝ පීනට් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි… පාරිභෝගිකයන්ගෙන් පැමිණිළි…

colombotoday

සේවකයින්ගේ මාසික වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

Admin

රට යනවනම් වැඩියෙන් ගෙවන්න වෙයි… පාස්පෝර්ට් එකත් අද සිට ගණන් උස්සයි

colombotoday

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin