Colombo Today Local News

රැකියාවට හැකියාවක් නැති ඉන්දියානු ඉංජිනේරුවන්ට ලෝකයේ දොර වැසෙයි

ඉන්දියාවේ මේ වන විට ,ඉංජිනේරු, උපාධිය ලැබූ ශිෂ්‍යයන් මිලියන 5 කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් සිටින බව නවතම ඉන්දීය වාර්තාවක් සදහන් කරයි. වෘත්තියට අදාල තාක්‍ෂණික සුදුසුකම පිළිබඳ පවතින ගැටලුකාරී තත්ත්වය හේතූවෙන් ඉංජිනේරු උපාධිය ලබා ගත්තද ලොව අන් රටවලින් එම සුදුසුකම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඔවුනට ඉන්දියාව තූළම රැකියාවක් ලබා ගැනීමට සිදුව තිබේ.

තවද ඉන්දියාවේ මෙම ඉංජිනේරු විරැකියා ප්‍රමාණය ඇමරිකාව සහ චීනයේ ප්‍රමාණයද ඉක්මවන බව එම වාර්තාව සඳහන් කරයි. ඉන්දියාවේ ඉංජිනේරු උපාධිය ලබා දෙන ආයතන 1,511 ක් ඇති අතර ඒවායේ උපාධිය කිසිදු ගුණාත්මකභාවයකින් සහ වර්තමාන තත්ත්වයනට නොගැලපෙන බව මේ පිලිබදව අදහස් දැක්වූ විදේශීය සමාගම් නිළධාරීන් සඳහන් කර ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් සදහන්කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය අතර අත්සන් තැබීමට නියමිත ඉන්දු – ලංකා ECTA වෙළද හා සේවා ගිවිසුමෙන් නාවික හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සදහා ඉන්දියානු වෘත්තියන්ට ලංකාවට පැමිණීම සදහා ඉඩ ලැබෙන බව රජය ප්‍රකාශ කර ඇති අතර ඉදිරියේදී අනෙකුත් ක්ෂේත්‍රද විවෘත කිරීම පිළිබදව සලකා බැලෙන බවද සදහන් කර ඇත.

මෙලෙස ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ රැකියා සදහා ඉඩකඩ විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බව වෘත්තීය අංශ මේවනවිටත් අනතුරු අගවා තිබෙන අතර දැඩි විරෝධයද දක්වා තිබෙනවා.

Related posts

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

colombotoday

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

colombotoday

අපේ කරුම නායකත්වය ගැන ලැජ්ජයි !

colombotoday

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

colombotoday

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday