Colombo Today Local News

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

මෙහිදී අගෝස්තු මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන් අමාත්‍යාංශය වෙත ඉල්ලුම් පත්‍ර යොමු කිරීම අත්‍යවශ්‍ය නොවන බවද එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම එම වසරේ මාර්තු මස 31 වන දිනෙන් අනතුරුව මුල් පත්වීමේ කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වී ඇති එහෙත් මෙතෙක් සේවා කාලය දීර්ඝ කර නොමැති හදිසි මරණ පරීක්ෂකවරුන් ඉල්ලුම්පත්‍ර යොමු කිරීමක් අවශ්‍ය නොවන බව සඳහන් වේ.

කෙසේ වෙතත් එම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් සේවා දීර්ඝ කිරීම සඳහා වන ඉල්ලුම් පත්‍ර සාමාන්‍ය විධිවිධාන පරිදි අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බව ද අධිකරණ අමාත්‍යංශය දැනුම් දෙයි.

මේ අතර විනය හේතුන් හෝ වෙනත් හේතූන් මත සේවා දීර්ඝ ලබා නොදෙන බවට ලිඛිතව අමාත්‍යාංශය විසින් දැනුම්දී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බවද සඳහන්ය.

Related posts

පොලිස් වැටුප 40%කින් ඉහළට !!

colombotoday

“ඇඹිලිපිටිය ASP ප්‍රසන්නව බිමට තල්ලු කළේ මගේ දෑස් ඉදිරිපිටදීමයි” – මියගිය ප්‍රසන්නගේ බිරිද හැඬූ කඳුළින් කියන කතාව

colombotoday

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday

සජිත් දන්නවා ඔහුගේ පියා කොටින්ට මුදල් හා පතොරම් ලක්ෂයක් දුන් බව මා දැන් අත්අඩංගුවට ගන්න බෑ මගේ ස්ථාවරය එසේමයි..

colombotoday

විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 10කට කොරෝනා

colombotoday