Colombo Today Local News

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විෂය පථයන් දක්වමින් ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුුවඅතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නව ගැසට් නිවේදනයට අනුව, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය මගින් සෞභාග්‍යයේ දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන් තුළ නව අවස්ථා නිර්මාණය කරමින්, සක්‍රීය හා සජිවි යාන්ත්‍රණයක් හරහා ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් ඇති කිරිමට ජනපති නියෝග හා මගපෙන්වීම් මත සියලු සංවර්ධන කටයුතු සම්බන්ධිකරණය හා ව්‍යාපෘති අධික්ෂණය කළ යුතුයි.

මීට අමතරව, ගම සමග පිළිසදර වැඩසටහනේදී ජනතාව ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරිම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළුව ප්‍රාදේශිය මට්ටමේ සියලු නිලධාරීන් මෙහෙයවීම සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය මගින් සිදුකළ යුතුයි.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඊයේ(16)දින ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිණි.

අමාත්‍යාංශයේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය…

Related posts

ජනපතිට සහය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තීරණයක්…

colombotoday

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday

අපිට ආණ්ඩු කරන එක මහ කජ්ජක් නෙමෙයි

Admin

ශෂේන්ද්‍රට කලුකොඩි දා විරෝධයක්. ඔප්පු ප්‍රදානයෙන් ලිස්සයි

colombotoday

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

colombotoday