Colombo Today Local News

ඩෙල්ටා ⁣කොවිඩ් ප්‍රභේදයේ විකෘතීන් තුනක් මෙරටින් හඳුනා ගනී

මේ වනවිට ප්‍රධාන වශයෙන් පැතිර යන ඩෙල්ටා ⁣කොවිඩ් ප්‍රභේදයේ විකෘතීන් තුනක් මෙරටින් හඳුනාගෙන ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ‘ SA 222V, SA 701S සහ SA 1078S ලෙස එම විකෘතීන් තුන හඳුනා ගෙන ඇති බවයි.

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පෙර පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා පැතිරයාමේ වේගය 60% ත් 70% ත් මට්ටමක පවතින, ඉහළ රෝග ලක්ෂණ ප්‍රමාණයක් මතු කරන, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ නංවන ප්‍රභේදයක් බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන්නේ කවදා දැයි, මෙහිදී මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රුසියාවේ ඇති වූ තත්ත්වයත් සමග යම් ප්‍රමාදයක් සිදුවුව ද පසුගිය සතියේ එන්නත් මාත්‍රා 15, 000 ක් මෙරටට ලැබුණු බවයි.

එම තොගය මේ වනවිට මහනුවර ප්‍රදේශයේ දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට රැගෙන ගොස් ඇති අතර මෙම සතියේ තවත් මාත්‍රා 35,000ක් රැගෙන ඒ්මට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සති 3 සිට මාස 3 දක්වා ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව ලබා දිය හැකි බැවින් එම කාලය ඉක්ම යමට ප්‍රථම එහි දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් සිට එක්ලක්ෂ පනස්දහසක් වූ පිරිස එන්නත්කරණයට කටයුතු කරන බවයි.

Related posts

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

Admin

නුවරඑළිය තැපැල් කාර්යාලයට නව ගොඩනැගිලි 3ක් යෝජනා කෙරේ…

Admin

ජනාධිපතිවරණයට මම ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගන්නවා – මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේදී කියයි

colombotoday

සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ජූනියේදී ඇරඹෙයි

colombotoday

ඉන්ධන ගබඩා කරන්න කොළඹ වරායේ ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට

Admin

වැලි කියුබ් එකේ මිලටත් පළමු දා සිටි වෙනසක් වෙයි !

colombotoday