මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට තීරණය කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරන්නේ, ලබන 23 වනදා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙන බවයි.
මෙහිදි පාර්ලිමෙන්තුවේ මැතිවරණ නිති සංශෝධනය පිළිබඳ පත් කර ඇති විශේෂ කාරක සභාවට මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ යොජනා සඳහා දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට නියමිතව තිබේ.
මීට අමතරව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් ය.