Colombo Today Local News

දරුවකු පැහැරගෙන ගිය නීලක පොලිස් වෙඩි පහරින් මරුට

හොරණ, කඳන ප්‍රදේශයේ මිත්තනිය භාරයේ සිටි සිය දරුවා පැහැරගෙන ගිය සැකකරු අද (17) දහවල් පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ මෘත ශරීරය හොරණ මූලික රොහලේ තැන්පත් කර ඇති බවයි.

අඟුරුවාතොට, වල්පිට ප්‍රදේශයේ නිවසක ඔහු සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය වැටලීම සිදුකිරීමට ගිය අවස්ථාවේදි සැකකරු නිවසේ සැඟව සිට පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිහාරවලින් සැකකරු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

සැකකරු මත්කුඩු පානයට ඇබ්බැහිවූවෙකු බවත් පවුල් ආරාවුල් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි කිහිපයක්ම වාර්තාවී ඇත.

Related posts

ජෙරම්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්

Admin

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

colombotoday

“මට විදේශ ඇමතිකම ඕන, මුදල් ඇමතිකම එපා.. ඒක ඔයා ගන්න“ – මංගල මලික්ට කියලා

colombotoday

මැලේසියා-ඉන්දුනීසියා තායිලන්ත ගිවිසුම් ගැන මම දන්නේ නෑ

colombotoday

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin