Colombo Today Local News

දළදා වන්දනාවට උණ්ඩයක් රැගෙන ගිය කතක් මාට්ටු

දළදා සමිඳුන් වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ බව පොලිසිය කියයි.

එම කාන්තාව දළදා මාලිගාව ප්‍රධාන වාහල්කඩින් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි සවිකොට ඇති ආරක්ෂක සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇයගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී එම උණ්ඩය හමුව තිබේ.

එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිස් නිලධාරියකු වශයෙන් සේවය කරමින් සිට මීට වසර 05 කට පෙර මියගොස් ඇති බව කාන්තාව පොලිසියට පවසා තිබේ.

සැකකාර කාන්තාව ඊයේ (16)දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

වැලිසරින් කෝටි 225ක හෙරොයින් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

colombotoday

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday

නව වානිජ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

Admin

කඩ සාප්පු වැසෙයි.. කළු කොඩි එසවෙයි.. උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව මහ විරෝධයක් (Video)

colombotoday

ප්‍රේමදාස ක්‍රිඩාංගණය අසල තව්හිද් ජමාත් විරෝධතාවක්.. ජල ප්‍රහාරක කැදවයි.. පොලිසිය සීරුවෙන්

colombotoday