Covid 19

කටුනායක අධිවේගයේ සීදූව අතරමැදි පොලිස් මුරපොළේ 5කටත් කොවිඩ්.

කොළඔ කටුනායක අධිවේගී මාර්ගයේ ස්ථාපිත සීදූව අතරමැදි පොලිස් මුරපොළේ නිලධාරීන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සීදූව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී සුරේෂ් මහතා පවසයි.

එම පොලිස් මුරපොළේ 54 දෙනෙකුට කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.

වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා එම පිරිස ගිලන්රථ මගින් පිටත් කර යවා ඇති අතර ආශි‍්‍රතයන් බවට හදුනාගත් සියලූම නිලධාරීන්ව නිවෙස්වල ස්වයං නිරෝධායනයට පත්කර ඇති බව සුරේෂ් මහතා කීය.

මෙම පොලිස් මුරපොළ මුළුමණින්ම විසබීජහරණය කර මීගමුව කොට්ඨාසය භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ මෙහෙයවීමෙන් වෙනත් පොලිසිවලින් නිලධාරීන් පිරිසක් අනුයක්ත කර ඇත.

Related posts

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානාට ත් කොවිඩ්

colombotoday

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

දැනට ආසාදිතයින් 3,223ක්

colombotoday