Colombo Today Local News

සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක්.

සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින් කොවිඩ් -19 වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී ගැටලුකාරි තත්ත්වයන් නිර්මාණයවීමේ අවදානමක් පවතින බව එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

“විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මේ රෝගයට ගොදුරුවීමේ යම් ප්‍රවණතාවයක් මේ වනවිට නිර්මාණය වෙමින් තියෙනවා. රෝහල් ගණනාවක වෛද්‍යවරු මේ වනවිට ආසාදිතයෝ බවට පත්වෙලා. හෙද කාර්යමණ්ඩලය ආසාදිතයන් බවට පත්වෙලා. සෙසු කාර්යමණ්ඩලය, අතුරු වෛද්‍ය සේවාවල අය ආසාදිතයන් බවට පත්වෙලා. ජනවාරි මුල තිබුණු තත්ත්වයට සාපේක්ෂව රෝහල් ගණනාවක ඉතාම බැරෑරුම් තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වෙමින් තියෙන්නෙ. රෝහල් විවෘත කරලා පවත්වා ගන්න කාර්යමණ්ඩලය අන්තිමට ඉතුරුවෙන එකක් නෑ. පෙබරවාරි මැද විතර වෙනකොට දැනට අපි භාවිත කරන උපක්‍රමම නම් අනුගමනය කරන්නේ අපිට රටක් විදිහට වඩා නරක තැනකට තමයි ගමන් කරන්න සිද්ධ වෙන්නේ.”

Related posts

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday

සුමන්තිරන්ලාගේ ප්‍රකාශවලින් එළියට එන්නේ විශ්වාසභංගය දිනාගන්න දුන් පොරොන්දු !

colombotoday

දෝෂාභියෝගයක් ගෙනැත් ජනපති වහාම ධුරයෙන් පහකළ යුතුයි – ජවිපෙ කියයි

colombotoday

මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවු දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

පවුල් ආරවුලක් විසදන්න ගිය තිදරුමවක් පොලු පහරකින් මරුට

colombotoday