Colombo Today Sports News

ශ්‍රී ලංකා කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙනදෙමින් තිරිමාන්නගෙන් ශතකයක්.

ලහිරු තිරිමාන්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය ලබා ගැනීමට අද සමත් විය.

ඒ, එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදීය.

එංගලන්තයට වඩා ලකුණු 286ක් පිටුපසින් සිට ආරම්භ කළ ශ්‍රී ලංකා දෙවන ඉනිමට තිරිමාන්නගේ මෙම ශතකය විශාල අස්වැසිල්ලකි.

කුසල් ජනිත් පෙරේරා සහ තිරිමාන්න අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 101කි.

කුසල් ජනිත් ලකුණු 62කට දැවී ගියේය.

සිය පළමු ඉනිමට ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.

එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 421ක් ලබා ගත්තේය.

සුපිරි ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත නායක ජෝ රූට් සිය සිව්වන ද්විත්ව ශතකය වාර්තා කරමින් ලකුණු 228ක් ලබා ගැනිමට සමත් විය.

ගාල්ලේදී දෙරට අතර පැවැත්වන තරගයේ සිව්වෙනි දිනය අදයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලබා සිටින ලකුණු ගණන 195කි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

Admin

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගය අද

Admin

ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි සංගම් 52ක් ඉල්ලයි

colombotoday

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

colombotoday

ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

colombotoday