World

කොවිඩ් ප්‍රභේදවලට ග්‍රීක අකුරුවලින් අලුත් නම්

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරුවලින් යළි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය “ඇල්ෆා” ලෙසත්, දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ලෙසත්, ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙසත් නම්කර ඇති බව සඳහන් වේ.

එම වෛරස ප්‍රභේද, ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත්, වෛරස ප්‍රභේද සම්බන්ධයෙන් කතාබහ සරල කිරීමටත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය මින් පෙර නිල වශයෙන් නම්කර තිබුණේ B.1.617.2යනුවෙනි.

එහෙත් එම ප්‍රභේදය “ඉන්දීය ප්‍රභේදය” ලෙසින් හැඳින්වීම තුළින් අපහසුතාවට පත්වූ බවට ඉන්දීය රජය මින් පෙර ප්‍රකාශ කළේය.

නව වෛරස ප්‍රභේදයක් හඳුනාගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවට පත්නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

Related posts

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday