Colombo Today Local News

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

අද (16)දින උදෑසන මෙරටට ලැබුණු මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩාර්නා එන්නත් මාත්‍රා 15 ලක්ෂයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ අතර එන්නත් භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම එන්නත් මෙරටට ලැබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය සිදු කළ පරිත්‍යාගයක් ලෙසයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (16)දින උදෑසන පැවසුවේ, මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගත් ස්පුට්නික් එන්නත අඛණ්ඩව ලබාගැනීමේ ගැටලුවක් මතුව ඇති බවයි.

”දැනට‌ රුසියාවේ මතුවී ඇති තත්තවය මත ස්පුට්නික් එන්නත දිගට ම ලබා ගැනීමේ යම් ගැටලුවක් මතුවෙලා තියෙනවා. මොකද රුසියාව අපිට දැනුම්දීලා තියෙනවා. තමන්ගේ රටේ ජනතාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න සිද්ධ වෙනවා කියලා. මොකද පසුගිය සති දෙකක පමණ කාලය ඉතාම ඉහළ රෝගීන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් රුසියාවෙන් වාර්තා වුණා. මේක නිසා මේ පැමිණෙන මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ”

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (15) දිනය වනවිට පුද්ගලයින් 157,368 දෙනෙකුට ස්පුට්නික් V පළමු මාත්‍රාව ලබා දී ඇති දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,464කි.

Related posts

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 දා කෝප් කමිටුව හමුවට

colombotoday

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

colombotoday

නකල්ස්‌ රක්‌ෂිතයේ ඉඩම් අක්‌කර විසිඑක්‌ දාහක්‌නෑදැ හිතවතුන්ට පවරාදීමට යනවා. – මන්ත්‍රී අයි. ජී. නිශාන්ත බණ්‌ඩාර

colombotoday

සතොසට මිලියන 56ක් කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday