ArticlesColombo Today Local NewsHot News

ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !

නීති විරෝධි ලෙස රටට ගෙන්වන මත්කාර ‍‍ඖෂධ වර්ග පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමේ ජාවාරම මේ වන විට රටම පුරා ප්‍රධාන පෙළේ පාසල් ඉලක්ක කරගනිමින් හොර රහසේ ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබෙමින් පවතී. පසුගිය වසර කිහිපය පුරා අවස්ථා කිහිපයකදී පාකිස්ථාන ජාතිකයන් විසින් මහා පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ එවැනි විෂකාරක ඖෂධ තොග පිටින් අත්අඩංගුවට ගැනීම් වාර්තා විය. එවැනි සිදුවීමේ දින කිහිපයකින් මාධ්‍ය අවධානයෙන් ගිලිහීයෑම සාමාන්‍ය සිදුවීමක් වෙත්දී මේ බිහිසුණු ජාවාරම දිනෙන් දින රට පුරා ව්‍යාපත්ත කරමින් රටේ, ජාතියේ අනාගත පරපුරම බෙලහීන කරමින් සැලසුම් සහගතව මේ මොහොතේත් ක්‍රියාත්මකව සිටී.

ට්‍රැමටෝල් හෙවත් “ටැබා”, මානසික රෝගීන්ට ලබා දෙන ‘CLONAZEPAN’, කොරැක්ස් වැනි කැස්සට භාවිතා කරන සිරප් වර්ග, ‍වේදනා නාශක ඖෂධ මෙන්ම හිසේ ගල්වන ජෙල් වර්ග පවා මත්කාරක ද්‍රව්‍යයක් ලෙස බාල වයස්කාර පාසල් දරුවන් අතර මෙලෙස ප්‍රචලිත කරමින් පවතින අතර ඒ පිළිබදව සෞඛ්‍ය අංශ පවා අවස්ථා කිහිපයකදී අනතුරු අගවා තිබිණි. එනමුත් එම ජාවාරමට එරෙහිව වැට බැදීමට හෝ මේ මහා ව්‍යසනය පිළිබදව පාසල් අශ්‍රිතව දෙමාපියන් දැනුවත් කිරීමට සෞඛ්‍ය හෝ අධ්‍යාපන බලධාරීන් මෙතෙක් පියවරක ගෙන ඇති බවක් දැනගැන්මට ලැබී නැත. විශේෂයෙන් රට පුරා සිංහල පාසල් ඉලක්ක කරගනිමින් මෙම වසංගතය ප්‍රචලිත කිරීමත්, මේවා මෙරටට ගෙන්වන්නේ පකිස්තාන ජාතිකයන් වීමත්, රටපුරා ව්‍යාප්ත කිරීමට මුස්ලිම් ජාතික ජාවාරම්කරුවන් හවුල්වීමත් නිසා සංහිදියාවට බාධාවක් වේයැයි බියෙන් බලධාරීන් මුනිවත රකිනවා විය හැකිය.

මේ වසංගතයට ගොදුරු වූ බදුල්ලේ සුප්‍රසිද්ධ පාසලක දරුවන් දෙදෙනෙකු ගැනද පසුගියදා අනාවරණය විය. මාධ්‍යයට අනාවරණය නොවූ එම සිදුවීම සම්බන්ධයෙන් පරිවර්ථන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබිණි.

පුංචි දරුවො තමයිලු අපේ වටිනම සම්පත. හැබැයි.
උන් මොනාද කරන්නෙ, කොහෙද යන්නෙ, කාත් එක්කද ඉන්නෙ, මොනවද කන්නෙ, මොනවද බොන්නෙ. කවුරුත් හොයන්නෙ නෑ.

අපි පරිස්සමට කාර් එකේ, වෑන් එකේ, ස්කූල් සර්විස් එකේ එක්කගෙන ගිහින් ඉස්කෝලෙ ගේට්ටුව ලග බස්සන පොඩි එකාව බිලි ගන්න ඉස්කෝලෙ වටේටම බිල්ලො.

එක බිල්ලෙක් ඉස්කෝලෙ ඉස්සරහම වඩේ තට්ටුවක් දාගෙන.  උඩින් වඩේ තියාගෙන යටින් කුඩු, බාබුල් මාවෝ ටැබා.
තව බිල්ලො ඉස්කෝලෙ වටේට කඩවල් වල. ජෙල් පැකට්, ටැබා, පිස්සු පෙති.. කොරෙක්ස් ඩී… හැම මගුලම….
ඇයි මෙහෙම ලියන්නෙ.
දුකට… කේන්තියට…
ඇත්තටම හරිම දුකයි…
බදුල්ලෙ ප්‍රධානම ඉස්කෝලෙක පුතාලා තුන් දෙනෙක් මත් පෙති බීලා රෝහලේ.  දෙන්නෙක් දැඩි සත්කාරේ.  සිහිය නැතිලු. එක්කෙනෙකුට සිහිය තියනවා. හැබැයි සිහිය විකල් වෙලා.. ඉස්පිරිතාලේ ඇදේ බැදලා දාලා තියනවා.

“එයාලා කෑම කන්න පන්තියෙන් එලියට ගියා… ඇවිත් නිදා ගත්තා… සර් නැගිටින්න කිව්වට නැගිටින්න බැරි උනා… පස්සෙ කටින් සෙම පෙරෙන්න පටන් ගත්තා… ඒ වෙලාවෙම හොස්පිට්ල් ගෙනිච්චේ නැත්තම් ඉවරලු… බ්ලඩ් ප්‍රෙෂර් ඒ තරමට වැඩි වෙලා තිබුනලු..”

මගේ ඉංග්‍රිසි පන්ති ආපු දරුවෙක් කිව්වා.

ගුරුවරයෙක් වරදකට තරවටු කරන්න දරුවෙකුට ගහලා ඒ දරුවා නිකමට වගේ රෝහල් ගත උනා නම් අද කොහොමට තියේවිද..?

ලයිව් ඇට් එයිට් වලටත් පෙන්නයි. නිවුස් ෆස්ට් වලටත් පෙන්නයි. දෙමවුපියෝ අර ගුරුවරයට විරුද්දව උද්ගෝෂන කරයි. ලමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න නෝනලා අර ගුරුවරයට විරුද්දව නඩු දායි. මානව හිමිකම් ගැන කතා කරන නීතිවේදී මහත්තුරු ඒ නඩුවට නොමිලේම කතා කරයි.

ඒත් මේ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ.
ඉස්කෝලෙ ගුරු දෙගුරු සමිති වලින් කතා කරන්නෙ නෑ. ඒ අපේ දරුවා නෙවෙයිනෙ.
ආදි ශිෂ්‍යයො නිහඩයි. ඉස්කෝලෙ කීර්තිනාමෙට හොද නෑනෙ.
මත් කුඩු විකුනන්නෙ කවුද කියලා හොදටම දැනගෙන හිටියත් පොලිසියෙනුත් කතා නෑ.

විකුනන්නෙ ලොකු බිස්නස් කාරයොනෙ. දේශපාලකයන්ගෙ ලගම ඉන්න අයනෙ.
ජන මාධ්‍යත් මේ ගැන කතා නෑ.. ජාතිවාදෙ ඇවිස්සෙනවනෙ…
පාකිස්තානෙන් ගෙන්නන, දිව යට තියා ගන්න මත් පෙතිනෙ ඕවා.
ජාතික සමගිය සංහිදියාව රැකෙනව නං දරුවො ටික වලපල්ලට ගියත් මොකද කියලා බලා ඉන්නවද උඹලා.

දවසක අපිට වෙන්නේ පොලවේ පස් කකා අඩන්න.
ඒ දවස වැඩි ඈතක නෑ.

Related posts

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

Admin

දෙවනගල පුරාවිද්‍යා ස්මාරක වැළලීමට යලි උත්සහ ගනී. | පූජා භූමියට අයිති ඉඩමේ අනවසර සංවර්ධනය හිමිනමගේ මැදිහත් වීමෙන් නවතී

colombotoday

ඇමරිකාවටත් ‘සංහිදියාව‘ අරහං වෙයි.. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේත් මේ පාර ‘ඉෆ්තාර්‘ නෑ !

colombotoday

නිවසේ නිදා සිටි තරුණියට වහලෙන් පෙට්ට්‍රල් දමා ගිනි තියලා

colombotoday

රත්නපුරයෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට සදහා සැලසුම්

colombotoday

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday