Colombo Today Local News

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට හෝ ඔහුගේ මන්ත්‍රීවරුන්ට මහජන නියෝජිතයන් ලෙස හමුදා කදවුරුවලට ඇතුළු වීමට කිසිදු තහංචියක් නොමැති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

හමුදා කඳවුරකට ඇතුළු වීමට පෙර ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරයා සහ අදාළ කඳවුර භාර හමුදා ප්‍රධානියාට ඒ බව දැනුම්දිය යුතු බව ද, එවිට අවශ්‍ය පහසුකම් සැලසීමට හමුදාව කටයුතු කරන බව ද පවසන ඇමැතිවරයා, සම්පන්දන් මහතා එලෙස කටයුතු කර නොතිබූ බවත් පවසයි. කෙසේ වෙතත් කිළිනොච්චියේ පිහිටි අදාළ කඳවුරේ නිලධාරීන් විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස කඳවුර ඇතුළට කැඳවා ගෙන යාමට කටයුතු කර තිබූ බවත් කියයි.

මෙවැනි සිදුවීම් අන්තවාදී පිරිස් අතට අනවශ්‍ය ලෙස ආයුද සැපයීමක් බැවින් ඒවායින් වැළකී සිටීමට කටයුතු කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී ය.

‘රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම හමුදාව වෙත ලබා දී තිබෙන බලය ක්‍රියාත්මක කිරීම සඳහායි මේ කඳවුරු පවත්වා ගෙන යන්නේ.

අවුරුදු තිහක් පුරා පැවැති භීෂණයක් අවසන් කර එළියට පැමිණ තිබෙන අවස්ථාවක ආරක්ෂාව පසෙකට දමන්න කියා අපට එකවරම කියන්න බැහැ. මේ කඳවුරු පවත්වා ගෙන යන්නේ කාවවත් පාගා දමන්න නොවෙයි, රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමටයි’ යැයිද ඇමැතිවරයා පැවැසීය.

Related posts

තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරන බව අගමැති හෙළි කරයි

colombotoday

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

“මත්පැන් බොන අයට ඡන්දය දෙන්න එපා” – ජනපති

colombotoday