Colombo Today Local News

පාඩුව පියව ගන්න පෙට්‍රල් – ඩීසල් වැඩිවෙන මිල මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබේ.

පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට මිල වැඩිකිරීමක් මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 අලෙවි කරන අතර යෝජනා කර ඇත්තේ එය රුපියල් 192 දක්වා ඉහළ නැංවිය යුතු බවටයි.

සංස්ථා ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් 121කට වන අතර එය රුපියල් 169 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද යෝජනාවේ සඳහන් වෙයි.

මෙම මිල වැඩිකිරීම අනුමත වුවහොත් එය ඉතිහාසයේ පෙට‍්‍රල් හා ඩීසල් අලෙවි වන ඉහලම මිල වනු ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල යළි ඉහළ යනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඊයේ(15)දින දිගු පෝලිම් දක්නට ලැබුණි.

පිරවුම්හල් කිහිපයක ඉන්ධන නොමැතිකම හේතුවෙන් තමන් අපහසුතාවට පත් වුණු බව ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් පවසයි.

Related posts

පාරිභෝගික අධිකාරියත් දැන් නීති විරෝධී ආයතනයක්?

colombotoday

2009 සමස්ථ ලෝක ආර්ථිකය සෘණ වෙද්දී ධන ආර්ථික වර්ධනයක සිටි ලංකාවට අද සිදුවී ඇත්තේ කුමක්ද?

colombotoday

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

colombotoday

අකිලගේ ගමට අරන් ගිය E-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගමට !

colombotoday

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

Admin