Colombo Today Local News

යුගදනවි විකිණීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට?

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එම ගිවිසුම සම්බන්ධයෙන් පසුගියදා දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර,එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ද ඉල්ලීමක් කළේය.

මෙම ගිවිසුම අත්සන් කිරීමට අදාලව බලපෑ කරුණු සහ ගිවිසුමට එළඹීමේ නීතිමය රාමුව ද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවෙයි.

ඒ අතර, එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට කරුණු කීමට කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර යන ඇමැතිවරු ද ඉදිරිපත් වී සිටිති.

Related posts

සංහිඳියාවේ නාලිකාව ළගදීම ඇරඹෙයි… වියදම කෝටි 18යි

colombotoday

නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. තව ටිකක් ඉවසන්න – සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි

colombotoday

බුද්ධි අංශ පාවා දෙනවා… ජාතික ආරක්ෂාව තහවුරු කරනවයි කියා ජනපති පූච්චානම් කියවනවා… මේ විදිහට ජාතික ආරක්ෂව සුරක්ෂිත කරන්නේ කොහොමද?

colombotoday

පළමු ඡන්ද ප්‍රතිපලයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

colombotoday

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

එක්නැලිගොඩ බිරියගේ බොරු අතේ පත්තුවෙයි.. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බව සනාථයි

colombotoday