Colombo Today Local News

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන්

බුර්කාව තහනම් කෙරෙන නව නීතිය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන් යැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන ආකාරයට සම්පූර්ණයෙන්ම මුහුණු වැසෙන ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍ය ප්‍රසිද්ධ ස්ථානවල පැළඳීම මේ අනුව තහනම් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් නව නීතියෙන් ආරක්ෂිත මුහුණු ආවරණවලට (Full Face Helmet) බාධාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අනන්‍යතාව තහවුරු කරගත හැකි නොවන ආකාරයට මුහුණු සම්පූර්ණයෙන්ම වැසෙන ආකාරයේ ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍ය පැළඳීම තහනම් කළ යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවූ ජනාධිපති කොමිෂන් සභාවද රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

Related posts

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ…

colombotoday

අටළුගම ෆතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් ජාතිකයන් 10ක් අත්අඩංගුවට

colombotoday

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

colombotoday

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday

බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරයා

colombotoday