Colombo Today Local NewsUncategorized

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

ගොවි ජනතාව මුහුණදී සිටින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (16)දින අදහස් පළ කළේ ය.

මන්ත්‍රීවරයා පවසන්නේ, කාබනික පොහොර භාවිතය සඳහා ගොවියා සැලැස්මක් ඇතිව හුරු කළේ නම්, එය සාර්ථක වන බවයි.

අතීතයේ කාබනික පොහොර භාවිත කළ දේශීය ගොවියා රාසයනික පොහොර සඳහා හුරු වීම සහ අද යළිත් කාබනික පොහොර වෙත මාරුකරවීමට දරන උත්සාහය එදා සරමෙන් කළිසමට මාරුවීම උදාහරණ ලෙස ගෙන මන්ත්‍රීවරයා මෙලෙස පැහැදිලි කළේ ය.

”අපි කාබනික පොහොර ටික හදාගෙන ගොවිතැන් කරපු මිනිස්සු පස්සේ කෙමෙන් කෙමෙන් බටහිරින් ආපු රසායනික පොහොරවලට අහුවෙලා කෘෂිකර්මාන්තයෙත් කලිසම ගහගෙන තමයි හිටියේ. ඒ කලිසම ගලවන්න ඕනේ නැත්තං අපි කන්නේ වස විස. හැබැයි කලිසම ගලවන්න ඉස්සෙල්ලා සරම මහගන්න තිබුණා. අපි කලිසම ගැලෙව්වෙ සරම මහගන්නේ නැතුව. කලිසම ගැලෙව්වා. කලිසමක් නෑ. සරමත් නෑ. මොකද දැන් කරන්න ඕනේ කලිසම ගැලෙව්වා. සරම ඇඳ ගත්තෙ නැහැ කියලා දැන් ආයෙත් කලිසම අඳින්න ඕනෙද? නැහැ. වස විස කන එක නෙමෙයි පුළුවන් තරම් ඉක්මනට අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ආණ්ඩුව මේ දවස්වල ඉන්නේ එතන”

Related posts

බදියුදීන්ට නොතීසි

colombotoday

පිළිම වහන්සේ නමක් නිර්මාණයට රත්‍රං දීමෙන් සාපරාධී විශ්වාසය කඩකළැයි රෙගු ප්‍රධානින් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රාජපක්ෂලා හොරකම් කරපු කෝටි හතලිස් දෙදාහක් මං ඇස් දෙකෙන්ම දැක්කා – රාජිතගේ පුතු

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැසිකිළි වලියක්

Admin

බන්ධනාගාරගතව සිටි රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

colombotoday