Colombo Today Local News

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

බඩල්කුඹුර-අලුපොත ගම්මානයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 24 දෙනෙකු හමුවීමෙන් පසු අද (16)දිනයේ සිට එම ගම්මානය හුදෙකලා ගම්මානයක් කිරීමට පියවරගෙන ඇතැයි මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

කොළඹ මරදාන ප්‍රදේශයේ සිට අලුපොත ගම්මානයට පැමිණ සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණයවීමත් සමඟ ඔහු සිටි නිවසේ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාවක්ද කොවිඩ් 19 රෝගය වැළඳීමෙන් ඉකුත් (10) වෙනිදා මියයාමෙන් අනතුරුව ගම්වැසියන් දෙසියයකට ආසන්න පිරිසක් පී.සී.ආර් පරීක්ෂණ වලට යොමුකිරීමෙන් අනතුරුව විසිදෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබිණි.

මෙම තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙලෙස හුදෙකලා ගම්මාන බවට පත්කළ බව දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ගම්මාන වල නිරෝධායනය වන පවුල්වලට ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවරගෙන ඇති අතර ඉදිරියේදී සෑම පවුලකටම රුපියල් පන්දහසේ මාසික දීමනාව දීමට කටයුතු කිරීමට නියමිතය.

දැනට මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 54 දෙනෙකු හමුවී ඇත.

Related posts

විපක්ෂ බලවේග එකතුවී රජයට විරුද්ධව නව සන්ධානයක්. | මූලික සාකච්ඡාව ජානකි හෝටලයේ

colombotoday

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සැකකරුවෙකු හෙරොයින් කිලෝ 40ක් සමඟ අත්අඩංගුවට

colombotoday

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10දෙනාට එරෙහිව නීතිපති විශේෂ මහාධිකරණයේ නඩු පවරයි

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday