පසුගිය මසදී බොදු බල සේනා සංවිධානය උතුරේ නැවත පදිංචි කිරීමේ ව්‍යාපාරයක් වන බෝගස්වැව ජනපදයේ සංචාරය කිරීමත් සමගම රටේ අවධානය එම ප්‍රදේශය වෙත එල්ලවුණා. එහි ප්‍රතිපලයක් වශයෙන් එළබෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේ ජනතාව ලබාදුන් වියලි ආහාර මල්ලක් පසුගිය දෙවැනිදා ලබාදීමට එම සංවිධානය කටයුතු කළා.
කෙසේ වෙතත් බෙදුම්වාදය පෝෂණය කිරීමට උල්පන්දම් අල්ලන කොටි ඩයස්පෝරාව මගින් ලබාදෙන මුදල් මත යැපෙන සමහර මාධ්‍ය බෝගස්වැව නැවත පදිංචිකිරීම් පසුගිය රජය මගින් සිදුකල බලහත්කාරයක් ලෙස හුවාදැක්වීමට උත්සහගන්නා ආකාරයක් අපට දක්නට ලැබුනා. ඒ අනුවයි ColomboToday.com යලිත් වතාවක් බෝගස්වැව සංචාරයක නියැලෙන්නේ. බොරු කතාන්දර ගොතන මාධ්‍යතනවලට පිළිතුරු වශයෙන් අප ජීවමාන සාක්‍ෂි ඉදිරිපත් කර සිටිමු.
1985 නොවැම්බර් මසදී රුදුරු LTTE ත්‍රස්ත ප්‍රහාරයට බෝගස්වැව ග්‍රාමය පත්වනවිට එහි ජීවත්වුණු සිංහල වැසියෙක් තමාලද අත්දැකීම අප සමග විස්තර කලේ මෙසේයි.
[mom_video type=”youtube” id=”88Yp3Pi7w_I”]