Colombo Today Local News

සකල දේශවාසී සහෘද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

new year 2016

සූර්ය සංක්‍රාන්තියෙන් උදාවන අලුත් අවුරුද්ද සකල සිංහලේ දේශවාසී සිහල, දමිළ, මුස්ලිම් සහෘද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අලූත් අවුරුදු චාරිත‍්‍ර සඳහා වූ නැකැත් වේලාවන් මෙසේය.

පරණ අවුරුද්ද සඳහා ස්නානයට

අප්‍රේල් මස 13 වන බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 07.48 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 01.24 සිට අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 2.12 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් 13 වන බදාදා අපර භාග 1.24 ට පළමුව ආහාරපාන අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, අප්‍රේල් 13 වන බදාදා දින අපර භාග 07. 48 සිට අප්‍රේල් 14 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.12 දක්වා පහත දැක්වෙන අයුරු වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර ඉටුකිරිම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 08.06 ට ලා කොළ පැහැති (පළාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 08.54 ට ලා කොළ පැහැති ( පළාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වන සෙනසුරාදා පූර්ව භාග 10.41 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි බටහිර දිශාව බලා හිසට නුග පත් ද , පයට කරඳ පත් ද තබා තල තෙල් හා නුග පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරිම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 18 වන සඳුදා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර පූර්ව භාග 06.27 ට නැගෙනහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.

– සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

 

 

Related posts

මහින්දට සුබ පතන්න මහ සෙනග වැළ නොකැඩී එයි.. වැද වැටෙති.. අත සිඹිති.. සෙල්ෆි ගන්න පොරකති

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

ඩෙංගුවලින් රැකෙන්න නිල ඇඳුමට අමතර ඇඳුම් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද සිට අවසර…

Admin

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම් කරන්න – තව්හීද් ජමාත් උසාවියෙන් ඉල්ලයි

colombotoday