Colombo Today Local News

“හිතේ ගින්දර නැතිව ලිපි ගිනි මෙලවිය හැකි සුබ අළුත් අවුරුද්දක් වේවා” – හිටපු ජනපතිගේ අලුත් අවුරුදු පැතුම

mahinda 52

අද දිනට යෙදී ඇති සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

උදාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සම්පත සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මුළු රටම එකම නැකතකට වැඩ කරන අපේ අළුත් අවුරුද්ද තරම් සංහිදියාවේ සහ එකමුතුකමේ වෙනත් ප්‍රායෝගික අවස්ථාවක් ලොව කිසි තැනක නැති බව මාගේ විශ්වාසයයි.

ත්‍රස්තවාදයේ වෙඩි පහරටවත් වෙන්කල නොහැකි වූ උතුරු-දකුණු හිතවත්කමේ වාර්ෂික සැමරුම් මංගල්‍ය මේ අළුත් අවුරුද්දයි.

අළුත් අවුරුද්ද සෞභාග්‍යයේ සහ සශ්‍රීකත්වයේ සංකේතයකි. දේශීය කෘෂි කර්මාන්තය,ආහාර සුරක්ෂිතතාව ගැන මෙනෙහි කිරීමටද මේ හොඳම කාලයයි. බතින් බුලතින් සරු රටක් අටුකොටු පිරුණු ගෘහස්ථ ආර්ථිකයක් අළුත් අවුරුද්දේ උරුමය බව අමතක නොකළ යුතුය.

අළුත් අවුරුද්ද සිංහල හා දෙමළ සංස්කෘතික මංගල්‍යයයි. අළුත් අවුරුදු සංස්කෘතිකාංග වෙත අනාගත පරපුර හුරුකරවීම වැඩිහිටි අපගේ යුතුකමයි. අළුත් අවුරුදු සිරිත් විරිත් අඛණ්ඩව පවතින්නේ එමගින් පමණි.

වෙඩි හඩ නොඇසෙන රටක අළුත් අවුරුද්ද සැමරීමට අප සැම භාග්‍යවන්ත වු බව මේ අවුරුදු මාසයේ සිහිපත් කිරීම වටී. 2009 වසරේ බක් මාසය වන විට සාමය දිනා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක හෝරා කිහිපය උදා වු බව අමතක නොකළ යුතුය. ගහ කොළට ස්වභාදහමට පවා කෘතවේදීත්වය පල කරන මේ සොඳුරු මොහොතේ රටට සාමය දිනා දුන් රණවිරුවන් සිහිපත් කල යුතු යැයි මම දැඩි ලෙස විශ්වාස කරමි. හිතේ ගින්දර නැතිව ලිප ගිනි මෙලවිය හැකි සුභ අළුත් අවුරුදදක් රටටම උදා වේවායි මම ප්‍රාර්ථනා කරමි.

මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් අවංකව වෙහෙසවන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා.ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපති

Related posts

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

colombotoday

මැතිවරණ කැලැන්ඩරය නීතියට ඇතුළත් කල යුතුයි – පැෆරල් සංවිධානය කියයි

colombotoday

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

කාන්තාවකට බලහත්කාරකමක්…! බෝගොල්ලාගමගේ බිරිද සහ දියණිය දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

කොළඹ යලි කොරෝනා අවදානමක් ජින්තුපිටියේ පුද්ගලයින් 143ක් නිරෝධායනයට

colombotoday