Colombo Today Local News

තෙවරප්පෙරුමට, රණවීරට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තුවේ ඉකුත් (03) වනදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර යන මහත්වරුන්ට සතියක කාලයක් පාර්ලිමේන්තු රැස්විම් තහනම් කර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායක කරූ ජයසුරිය මහතා විසින් පත් කළ කමිටුවේ නිර්දේශවලට අනුවයි.

නියෝජ්‍ය කතානයක තිලංග සුමතිපාල සහ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මේ පිළිබද විමර්ශන සිදුකළා.

ඒ සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාව සහ නිර්දේශ කිහිපයක්ද ඊයේ (04) පස්වරුවේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී තිබෙනවා. ඒ අනුව හෙට (06) සිට සතියක කාලයක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවිර යන මහතාට පාර්ලිමේන්තු රැස්වීම තහනම් වනු ඇති.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රාජගිරියේ රිය අනතුරේදී ජීප් රථය පැදවූයේ තමන් නොවන බව චම්පිකගේ රියදුරා පිළිගන්නී

colombotoday

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල

colombotoday

බස්නාහිර පළාතේ පැය ‍10ක මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 681ක් අත්අඩංගුවේ

colombotoday

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

Admin