යුක්රේනයේ ස්කයි අප් ගුවන්සේවයට අයත් පීකිවු 555 දරණ ගුවන් යානයෙන් අද (08)දින පස්වරුවේ සංචාරකයින් 155 දෙනෙකු මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර පැවසීය.
රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන, සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව ඔවුහු පැමිණියහ. ඔවුන් මෙරටට පැමිනි 6වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.
පැමිණි පිරිස අදාල හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට නියමිතය.
මේ වන තෙක් පැමිණ ඇති සංචාරකයින්ගෙන් 146 දෙනෙක් එම ගුවන්යානයෙන්ම නැවත යුක්රේනයබලා පිටත් වූහ.