වත්මන් ආණ්ඩුව තුළ දැනට ජනාධිපතිවරයා ඇතුළුව කැබිනට් අමාත්‍යවරු 47 ක්, රාජ්‍ය අමාත්‍යවරු 20 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 25 ක් සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ඊයේ ( 07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා .
දැනට ආණ්ඩුවේ අමාත්‍යවරුන් ගණන මෙපමණ බවත්, ඒකාබද්ධ විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එක්වනවා නම් ඒ අයටද අමාත්‍යධූර ලබාදී ඒ ගණන තවත් ඉහළ යා හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.