Colombo Today Local News

“කොස්ගම වරදකරුවන් වන හමුදා නිලධාරීන්ට දඩුවම් දෙනවා.. රණවිරුවන් කියා සැලකිලි නෑ” – ආරක්‍ෂක ලේකම්

karunasena hettiaracchi
කොස්‌ගම අවි ගබඩාව පිපිරීම සම්බන්ධව යුද අධිකරණයක්‌ පිහිටුවා වරදකරුවන් වන හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය.

ඔහු මේබව පැවසූයේ ඊයේ 7 ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය. සාමාන්‍ය ජනතාවටත්, රණවිරුවන්ටත් රටේ නීතිය එක හා සමාන බවත් එහිදී රණවිරුවන් කියා විශේෂයක්‌ නැති බවත් හෙතෙම පැවැසීය.

කොස්‌ගම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදා මූලික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පත් කළ බවත් එහි නිර්දේශ මත ඉදිරියේදී යුද අධිකරණයක්‌ පිහිටුවා ඉදිරි කටයුතු සිදු කරන බවත් ඔහු පැවැසීය. සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ කරගෙන යන අතර, එහිදී සොයා ගන්නා තොරතුරුවලට අනුව පිපිරුමට හේතුව අනාවරණය කරගත් පසු එය රටට හෙළිදරව් කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේ රජය විසින් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් ආරක්ෂ අංශ දැඩි ආතතියකින් පසුවන බවත්, හමුදාවේ චිත්ත ධෛර්යය හා ජීවගුණය පහළට ඇද දමා ඇති පසුබිමක, නොසැලකිල්ල යන පදනම යටතේ හමුදා නිලධාරීන්ට දඩුවම් කිරීමට තමන් ඉඩ නොදෙන බවයි.

Related posts

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට..!

colombotoday

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

colombotoday

තිසාවැව, නිරාවිය මුස්ලිම් පල්ලියේ මවුලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති ස්වාධීන වෙයි, ශ්‍රීලනිප මහ පුටුව මහාචාර්ය රෝ.ල. පියදාසට !

colombotoday

රනිල් එලවන්න අපට ඕන වුණේ නෑ.. විශ්වාසභංගයට වෙන දෙයක් වෙච්චාවෙ ! – ඒකාබද්ධය අමුතු පොටකට එයි

colombotoday

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin