Colombo Today Local News

“කොටි ඩයස්පොරාව නැවතත් හිස ඔසවනවා… ජාතික ආරක්ෂාව දුර්වල වෙලා” – කරුණා අම්මාන්

නැවැතත් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් රටේ ආරක්ෂාව මීට වඩා තහවුරු විය යුතු බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැඟෙනහිර සන්නද්ධ අංශ හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව නැවැතත් හිස ඔසවමින් සිටින බව පැහැදිලි යැයි පවසන විනයාගමූර්ති මුරලිදරන් රට ආපස්සට කිසිදු ආකාරයකට හැරවීමට ඉඩ නොදිය යුතු යැයි සඳහන් කළේය.

වසර තිහකට අධික කාලයක් රට තුළ ඇතිව තිබූ දරුණු යුද්ධය ආරම්භ වූයේ මෙවන් සිද්ධි එකින් එක ආරම්භයෙන් යැයි නැවැත මතක් කළ යුතු බවත් තමාද රටේ යුද්ධය නිමා කර දැමීමට සහයෝගය දුන් පුරවැසියකු නිසා රටේ ආරක්ෂාව පිළිබඳ මතයක් දැරීමට අයිතියක් තමාටද ඇති බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ මොහොත වන විට තමාගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳවද යම් ප්‍රශ්නයක් පවතින බව ඒ මහතා කීවේය. මුරලිදරන් මහතා මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා චාවකච්චේරිය ප්‍රදේශයේදී පුද්ගලයකු ළඟ තිබී හමුවූ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගත් සිද්ධිය පිළිබඳ සිය අදහස් පළ කරමිනි. ඔහු වැඩිදුරටත් පැවැසුවේ එම බෝම්බ ඇතුළු උපකරණ සොයා ගත් පොලිසියේ, ආරක්ෂක නිලධාරීන්ට තමා මේ මොහොතේ ස්තුතිය පළ කර සිටින බවයි.

Related posts

20 ගේන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 ඉවත් කරන්නයි.. අගමැති මහින්ද කියයි

colombotoday

Video: මීගමුවේ සංචාරක හෝටලය “බුද්ධ බාර්” අකුලාගනී – බොදු බල සේනාව සීරුවෙන්

colombotoday

හපුහින්නව ජනාධිපති කාර්යාලයට ගනී

Admin

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

Admin

හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්

colombotoday